Health
ඔස්ටියෝ ආත්රයිටිස් භයානකද?
ප්රශ්නය - පසුගිය සතියේදී අප රූමැටික ආත්රයිටිස් රෝගය ගැන මතක් කර දුන්නා. අද අප නැවත මතක් කර දෙන්නට අදහස් කරන්නේ ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය ගැනයි. කුමක් ද මේ ඔස්ටියෝ ආත්රයිටිස්.
වෛද්‍ය වසන්ත උදයජීව - මෙය සන්ධි රෝගයක්. සන්ධියේ කාටිලේජයේ සහ එයට යාබද අස්ථිවල හටගන්නා රෝගයක්. මෙහි ප්රමුඛ රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරන්නේ සන්ධි වේදනාව. ඊළඟට වැඩපල කරගන්න බැරි වීම, රෝගය පවතින තැනට ආසන්නයේ මාංශ පේශීන්වල දාහයක් හට ගන්නවා. අතපය දිග හරින්නට බැරි වීම, එනම් සන්ධිවල තද ගතියක් හට ගැනීමත් මේ රෝගයේ ලක්ෂණයක්. මෙය අත්වලට, කොඳුඇට පෙළට, ශරීරයේ බර සම්පූර්ණයෙන් ම දරාගෙන සිටින සන්ධිවලට, උකුල් ඇටවලට, මේ රෝගය ඉතා තදින් බලපානවා.
ප්රශ්නය - ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය හට ගන්නේ ඇයි.
වෛද්‍ය වසන්ත උදයජීව - නවීන විද්‍යාව, මා දන්නා තරමින් මේ ප්‍රශ්නයට නිසි උත්තරයක් දෙන්නෙ නැහැ. එහෙත් පර්යේෂකයන්ගේ මතයට අනුව ශරීරයේ හට ගන්නා ප්රදාහමය තත්ත්වයන් මෙයට බලපානවා. ඒ එක්කම ශරීරයේ සන්ධි මතට විශාල බරක් පතිත කරන ජෛවතාක්ෂණික අසමතුලිතතාවන් හටගත් විට මෙවැනි දැ සිදුවනවා.
ප්රශ්නය - ඔස්ටියෝ ආත්රයිටිස් රෝගයට සහනය දෙන කසායක් අපට දීමට ඔබට හැකිද?
වෛද්‍ය වසන්ත උදයජීව - පාවට්ටා මුල්, වැල් කහඹිලියා මුල්, වැල්මී, සිරිතේක්කු, කලාඳුරු අල, කොත්තමල්ලි, තොටිල පොතු, එනසාල්, නිකමුල්, දේවදාර කලං 1 මංචාඩි 4 බැගින් පත 8 එකට සිඳ සීනි, මීපැණි දමා උදේ සවස පත භාගය බැගින් දින 6 ක් පානය කළ යුතුයි. මෙය ඔස්ටියෝ ආත්රයිටිස් වේදනාව ඉතා ඉක්මනින් සමනය කරනවා.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks